පාස්කු කොමිසම් අවසන් වාර්තාවෙන් අපේක්ෂා කළ කිසිවක් ඉටු වී නෑ – සමගිය කියයි

10

පාස්කු කොමිසමේ අවසන් වාර්තාවෙන් අපේක්ෂා කළ කිසිවක් ඉටු වී නොමැති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා ප්‍රකාශ කළා.

 

ඒ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, පාස්කු කොමිසමේ වාර්තාවට එරෙහිව කලු ඉරිදා දිනයක් සංවිධාන කිරීම සාධාරණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළා.

ඒ මහනායක හිමිවරුන් බැහැදැකීම සඳහා අද මහනුවරට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

කෙසේ වෙතත් අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා කියා සිටියේ පාස්කු කොමිසම සම්බන්ධයෙන් වෙනස්කම් සිදුකිරීමට වත්මන් රජය උත්සහ කල ද අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ගේ පාර්ශවය එය ප්‍රතික්ෂේප කල බවයි.

කොළඹ අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

Your Comments