පාස්කු කොමිෂන් වාර්තාව අධ්‍යනය කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ලබන බදාදා යළි රැස්වෙයි

9

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අධ්‍යනය කිරීම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ලබන බදාදා යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

එම කමිටුවේ සාමාජිකයෙකු පැවසුවේ කමිටුවේ වාර්තාව ලබන 15 වැනි දාට පෙර ජනාධිපතිවරයා වෙත භාරදීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව ලබන බදාදා පැවැත්වෙන රැස්විමේදී කමිටුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

මීට පෙර අවස්ථා දෙකකදී ද මෙම කමිටුව රැස් වූ අතර එහිදී කමිටුව අදාළ වාර්තාව සම්බන්ධයෙන් මූලික අධ්‍යනයක් සිදු කළා.

අමාත්‍ය චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් කමිටුවේ සාමාජිකයින්.

 

 

Your Comments