පාර්ලිමේන්තුවේ සියලු දෙනාට හෙට සහ අනිද්දා ඇන්ටිජන් පරීක්ෂණ

7

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සියලු‍ දෙනා හෙට සහ අනිද්දා යන දෙදින ඇන්ටිජන් පරික්ෂණ සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වන දිනවලදී සියලු‍ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ඇන්ටිජන් පරික්ෂණ සදහා යොමු කිරීමට නියමිත බව සදහන්.

කොරෝනා ආසාදිත වු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පසුගිය සතියේ පාර්ලිමේන්තුවට පැමිණ නැති අතර රවුෆ් හකීම් මන්ත්‍රීවරයා ඉකුත් 05 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමට පැමිණ තිබුණා.

මේ අතර කොරෝනා ආසාදනය වු අග්‍රාමාත්‍ය දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා ද පසුගිය ජනවාරි මස 08 වෙනිදා පාර්ලිමේන්තුවට පැමිණ සභා නායක කාර්යාලයේ නිධාරීන් කිහිප දෙනෙකු හමුවී තිබු බව සදහන්.

Your Comments