පාර්ලිමේන්තුවේ තවත් 4 කට කොරෝනා

22

පාර්ලිමේන්තුවේ තවත් සේවකයින් සිව් දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ සිදුකරන ලද පී සී ආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුවයි.

පසුගිය 13 සහ 15 යන දෙදින මැති ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු සේවකයන් දහසකට ආසන්න පිරිසක් පී සී ආර් පරීක්ෂණවලට ලක් කළා.

මේ අතර ඉදිරි සතියේ පාර්ලිමේන්තුව පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙට රැස්වීමට නියමිතයි.

කෙසේ වෙතත් අවදානම් තත්ත්වයක් පැවතිය ද උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙනයාමට සැලසුම් කර ඇති බවයි නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ.

හෙට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයක් ගනු ඇති.

Your Comments