පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීමට ගිය පානදුර නගරාධිපතිවරයාගේ රියදුරුට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
මේ හේතුවෙන් පානදුර නගර සභා පරිශ්‍රයට පිවිසීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර, වාද්දූවේ පදිංචි යුද හමුදා සිවිල් සේවකයෙකුට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබෙනවා.
රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ අදාළ ආසාදිතයා වෙනත් ස්ථානයකින් පීසීආර් පරීක්ෂණයක් සිදුකර ඒ බව නොදන්වා සුළු අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා කළුතර, නාගොඩ රෝහලට පැමිණ ඇති බවයි.
එහි ප්‍රතිකාර ලබාගනිමින් සිටියදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබෙනවා.
ඒ අනුව ඔහු ප්‍රතිකාර සඳහා වෙනත් රෝහලකට මාරුකර යවා ඔහු රඳවා සිටි වාට්ටුව විෂබීජහරණයට ලක්කර ඇති බව සඳහන්.
ඔහුට වෛරසය ආසාදනය වූ ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
Your Comments