පාඨලීගේ නඩුවට දින නියම වෙයි

11

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුලු පිරිසට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීමට අද දින නියම කෙරුණා.

කොළඹ මහාධිකරණය හමුවේ නඩුව කැඳවූ අතර එහිදී නියෝග කළේ එළඹෙන මැයි මස 31 වන දින එය විභාගයට ගැනීමටයි.

නොසැලකිලිමත් ලෙස රිය පදවා තරුණයෙකුට බරපතල තුවාල සිදුකිරීමේ චෝදනා යටතේ පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වන දිළුම් තුසිත කුමාර සහ එවකට වැලිකඩ පොලීසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ සුදත් අස්මඩල යන අයට එරෙහිව මේ වන විට අධිචෝදනා ගොනු කර තිබෙනවා.

Your Comments