පාකිස්තාන අගමැති පැමිණෙයි. – අගමැති මහින්ද සමග ඒකාබද්ධ ප්‍රකාශයකටත් සුදානම්.

7

පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දෙදින නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ දිවයිනට පැමිණියා.

 

ඒ 40 දෙනෙකුගෙන් පමණ සමන්විත දුත පිරිසක් ද සමගින්.

අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනුයි පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ.

අනතුරුව පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා වෙත මෙරට යුද හමුදාවේ උත්තමාචාර පිළිගැන්වීම සිදුකෙරුනා.

අද පස්වරුවේ ද්විපාර්ශවික සාකච්ඡා සඳහා පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අරලියගහ මන්දිරයට පැමිණීමට නියමිත අතර එහිදී දෙරටේ අගමැතිවරුන් විසින් ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් ද නිකුත් කිරීමට නියමිත බව සඳහන්.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව දිවයිනට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ද ද්වීපාර්ශවික සාකච්ඡා පවත්වනු ඇති.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඔහුගේ සංචාරයට සමගාමීව ව්‍යාපාර සහ ආයෝජන සංසදයක් මෙන්ම, ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිහිපයක් ද සැලසුම් කර ඇති බවයි.

අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකා – පාකිස්ථාන රජයන් අතර, ද්වීපාර්ශවික අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතයි.

 

Your Comments