ප්‍රදේශ රැසක් අවධානමේ – ජී.එම්.ඕ ඒ අනතුරු ඇගවීමක්

15

මෙම මස අවසන් වනවිට මෙරට කොරෝනා වසංගතය තත්ත්වය තවදුරටත් අවදානම් වනු ඇති බවට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අනතුරු අගවනවා.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ දෛනිකව වාර්තාවන ආසාධිතයින්ගෙන් සියයට 50 ක් පමණ බස්නාහිර පළාතෙන් පිට ප්‍රදේශවලින් වාර්තාවන බවයි.

සංකූලතා සහිත කොරෝනා රෝගීන් යොමුකරන මධ්‍යස්ථානවල නේවාසික පහසුකම් අවම වීම බරපතල අර්බුදයක් බවයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Your Comments