ප්‍රදේශ කිහිපයක හුදකලාභාවය ඉවතට

2

ඇහැලියගොඩ පොලිස් වසමේ බෝපත්ඇල්ල, විලේගොඩ, අස්ගගුල, යකුදාගොඩ සහ මින්නාන ග්‍රාමසේවා වසම්වල හුදකලා නියෝගය ඉවත් කෙරුණා.

කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ බේරුවල, මග්ගොන නැගෙනහිර සහ බටහිර ග්‍රාම නිලධාරී වසම් ද නිදහස් කෙරුණ බවයි.

පානදුර පොලිස් වසමේ තොටවත්ත 675 වසමේ හුදකලාභාවය ද අද පෙරවරුවේ ඉවත් කර තිබෙනවා.

මේ අතර, ආසාදිතයින් 695 දෙනෙකු හදුනාගැනීමත් සමග සමස්ත සංඛ්‍යාව 51 දහස් 594 දක්වා ඉහළ ගියා.

සුවය ලබා ඇති ගණන 44 දහස් 259 ක්.

7 දහස් 80 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර කොරෝනා බවට සැක සහිත රෝගීන් 612 දෙනෙකු වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවනවා.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ කාන්තාවක් සහ කොළඹ 10, 15 හා නාවලපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු මිය යාමත් සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 255 දක්වා ඉහළ ගියා.

 

Your Comments