ප්‍රදේශ කිහිපයක් අලුතින් හුදකලා කෙරේ

52

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හෙට අලුයම පහේ සිට හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ හුණුපිටිය මෙන්ම කුරුඳුවත්ත පොලිස් වසමේ හැටේ වත්ත සහ වැල්ලවත්ත පොලිස් බල ප්‍රදේශයේ කෝකිලා පාර ප්‍රදේශය හුදකලා කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර බ්ලූමැන්ඩල් සහ වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ විජයපුර ග්‍රාම නිලධාරී වසම හෙට අලු‍යම පහේ සිට හුදකලා බවින් නිදහස් කරන බව ද නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මීට අමතරව වත්තල පොලිස් බල ප්‍රදේශයේ කෙළවරපිටිය, හේකිත්ත, කුරුඳුහේන, ඇවරිවත්ත, වැලිකඩමුල්ල යන ග්‍රාම නිලධාරී වසම් හෙට අලුයම පහේ සිට අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා.

අනෙකුත් ප්‍රදේශ හෙට අලුයම පහේ සිට හුදකලා බවෙන් ඉවත් කිරීමට නියමිතයි.

පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශයේ පෑලියගොඩවත්ත, පෑලියගොඩ ගගබඩ, මීගහවත්ත, පට්ටිය – උතුර යන ග්‍රාම නිලධාරී වසම් හැර අනෙකුත් ප්‍රදේශ ද හෙට අලුයම සිට හුදකලා බවින් නිදහස් කෙරෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම කැළණිය පොලිස් බල ප්‍රදේශය හෙට අලු‍යම පහේ සිට හුදකලා බවින් නිදහස් කර තිබෙනවා.

කිරිබත්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ වෙලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසම හෙට අලුයම පහේ සිට අලු‍තින් හුදකලා කෙරෙන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Loader Loading...
EAD Logo Taking too long?
Reload Reload document
| Open Open in new tab

Your Comments