ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ තද වැසි

3

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ මිලිමීටර 100 ඉක්මවන තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී මෙලෙස වැසි ඇතිවිය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු වලක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර අද දහවල් 12යි 12ට බෝලවත්ත, වෑදෙනිය, වට්ටාරම, අඹගමුව, දිගන, මහවෙල, ගල්ගමුව, අම්පාර සහ ඔලුවිල් ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනවා.

Your Comments