ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණි මවකට සහ දැරියකට කොරෝනා

9

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි වයස මවකට සහ දැරියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය පී. විජේසූරිය මහතා කියා සිටියේ එලෙස හඳුනා ගැනුණු මව සහ වයස අවුරුදු දෙකයි මාස හතරක දැරිය වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.

එසේම දැරියගේ පියාටද කොරෝනා වෛරසය ආසාදිත බවට අනාවරණ කරගෙන තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය 18 වනදා රෝහලට සැකසහිත රෝගීන් තිදෙනෙක් ඇතුළත් කෙරුණු බවත් පසුව ඔවුන් වෙනමම ස්ථානයක රඳවා තබාගෙන ප්‍රතිකාර කිරීමට කටයුතු කිරීමට පියවර ගත් බවත්ය.
අනතුරුව ඔවුන් පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ මවකට සහ වයස අවුරුදු දෙකයි මාස හතරක දරුවෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවටයි.

Your Comments