පළාත් සභා මැතිවරණය කල් යාම ගැන කරුණු විමසන්න ඇමති මුස්තාපා අද පක්ෂ නායක රැස්වීමට කැඳවයි

50

පළාත් සභා ඡන්දය ප්‍රමාද වීම පිළිබඳ කරුණු විමසීමට විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද පක්ෂ නායක රැස්වීම වෙත කැඳවීමට නියමිතව තිබෙනවා.

අනතුරුව අමාත්‍යවරයාගෙන් ඒ පිළිබඳව කරුණූ විමසන බවයි කථානායක කරූ ජයසූරිය මහතා පැවසුවේ.

පසුගිය දා පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීිවරයා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව කියා සිටියා.

Your Comments