පස්සර ජාතික පාසලේ සිසුන් 10 කට කොරෝනා – නිදහස් උත්සවයේ කඳවුරු ගැන ගුරු සංගම් විරෝධය

14

බදුල්ල – පස්සර ජාතික පාසලේ උසස් පෙල සිසු සිසුවියන් 10 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබෙනවා.

නිදහස් උත්සවයට සහභාගිවීමට සිටි සිසුන් සඳහා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී සිසුන් දෙදෙනෙකු පළමුව ආසාදිතයින් ලෙසයි හඳුනාගෙන තිබුණේ.

ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස තවත් සිසුන් 80 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ අතරින් 8 දෙනෙකු ආසාදිතයන් බවට තහවුරු වුණා.

73 වන නිදහස් දින පෙළපාලියේ පුහුණු කටයුතු සඳහා ශිෂ්‍ය භටයින් 300ක් කඳවුරුගතව සහභාගී කරවීම තුළින් සිසුන් අවදානම් තත්ත්වයකට පත්විය හැකි බව ලංකා ගුරු සංගමය පෙන්වා දෙනවා.

එහි ප්‍රධාන ලේකම්, ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ සිසුන් සහභාගී කරවීම පිළිබඳ අධ්‍යාපන ලේකම්වරයා විරෝධය පල කර තිබූ බවයි.

කෙසේ වෙතත් එම තීරණය වෙනස් වී ඇති බව ද ලංකා ගුරු සංගමය සඳහන් කළා.

පාසල් 152ක ළමුන්, දින 15ක් කඳවුරුගත කිරීමට ගෙන ඇති තීරණය දැඩි අවදානමක් බවයි ජෝසෆ් ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ.

 

Your Comments