නීතිවිරෝධි රත්‍රං තොගයක් පාලවිය කළපුවෙන් අල්ලයි

7

නීතිවිරෝධී ලෙස රත්‍රං තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පුත්තලම, පාලවිය කළපු තිරයේ දීයි.

සැකකරු සන්තකයේ තිබී විවිධ බරවලින් යුත් රත්‍රං කැබලි 21 ක් සොයා ගත් බව පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.

රත්‍රං තොගයේ සමස්ත බර කිලෝ 4යි ග්‍රෑම් 485ක්.

පාලවිය, නාගවිල්ලුව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා පුත්තලම පොලීසිය වෙත භාර දී තිබෙනවා.

රත්‍රං ප්‍රවාහනයට යොදා ගත් යුතුරු පැදිය ද සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.

Your Comments