නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” සුළි කුණාටුව චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී කන්කසන්තුරය වෙරළට කිලෝ මීටර 230ක් නැගෙනහිරින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය ඉදිරි පැය 24ක කාලය තුළ ඉතා චන්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් තමිල්නාඩු වෙරළ හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ හේතුවෙන් නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට පැයට කිලෝ මීටර 60 ත් 80 පමණ ප්‍රහාරාත්මක තද සුළං ඇති විය හැකියි.
උතුරු සහ උතුරු මැද පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චතුෂ්කා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවේ.
Your Comments