නිරෝධායන නීති උල්ලංඝණය කළ තවත් 9 දෙනෙකු අත්අඩංගුවට

9

නිරෝධායන නීති උල්ලංඝණය කළ තවත් 9 දෙනෙකු ගත වූ පැය 24 තුළ බස්නාහිර පළාතෙන් පිටත කළ වැටලීම්වලදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඒ සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 2, 734 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මේ අතර වැලිකන්ද – කන්දකාඩු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඊයේ රාත්‍රියේ පිටතින් විසි කරන ලද මත්ද්‍රව්‍ය පිරවූ ටෙනිස් බෝල දෙකක් සොයාගෙන තිබෙනවා.

පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සඳහා ඒවා විසිකර ඇතැයි සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

එම ටෙනිස් බෝල තුළ හෙරොයින් සහ ගංජා තිබී සොයාගෙන ඇති බව ද හෙතෙම කියා සිටියා.

Your Comments