නිරෝධායනය අවසන් කළ 162 ක් අදත් නිවෙස් වෙත

17

නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කල තවත් 162 නෙකු අද දිනයේදී සිය නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 5 කින් ඔවුන් පිටත්ව යාමට නියමිතයි.

මේ වන විට සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සමස්ථ සංඛ්‍යාව 43 895 ක්.
ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 68 ක් තුල පුද්ගලයින් 7120 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටිනවා.

මේ අතර විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 43 දෙනෙකු අද දිනයේදිත් මෙරටට පැමිණියා.

දෝහා කටාර් සිට 42 ක් සහ ඉන්දියාවේ මුම්බායි සිට එක් අයෙකුද අද පෙරවරුවේ මෙලෙස දිවයිනට පැමිණි බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

ඔවුන් සියලුදෙනා ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී පී සී ආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා.

Your Comments