නිරෝධායනය අවසන් කර 927 ක් අද නිවෙස් වෙත

8

නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ 927 දෙනෙක් අද සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 13 කින් ඔවුන් මෙලෙස පිටත්ව යාමට නියමිතයි.

මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් ඇති සමස්ථ සංඛ්‍යාව 58, 697 ක්.

නිරෝධායන මධ්‍යස්ථාන 70 ක් තුල මේ වනවිට පුද්ගලයින් 7,039 ක් නිරෝධායනයට ලක්වනවා.

මේ අතර තවත් විදෙස්ගත ලාංකිකයන් 17 දෙනෙක් අද අලුයම මෙරටට පැමිණියා.

අබුඩාබි සිට පුද්ගලයින් 5 දෙනෙක් සහ දෝහා කටාර් සිට පුද්ගලයින් 4 දෙනෙක් පැමිණි බවයි සිත නිවිස් 24 ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.

Your Comments