නාවලපිටියේ කොවිඩ් ආසාදිත තිදෙනෙක් නිරෝධාන මධ්‍යස්ථාන වෙත
රංජිත් රාජපක්ෂ - හැටන්

24

කොවිඩ් 19 වෛරසය ආසාදනය වු රෝගින් තිදෙනෙක් අද (28) දින තෙල්දෙණිය දිස්ත්‍රික් රෝහලේ නිරෝධාන මධ්‍යස්ථානය කරා යොමු කර එම තිදෙනාගේ පවුලේ සමාජිකයන් 18 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කළ බව නාවලපිටිය, උලපනේ මහජන සෞඛ්‍ය පරික්ෂක බි.එච්.ඩි. අමරසේකර මහතා පවසනවා.

නාවලපිටිය, උලපනේ උඩගම ප්‍රදේශයේ පදිංචි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ කාර්යාල සහයෙකු වශයෙන් සේවය කරන අයෙකු සහ ගම්පොල කුරුදුවත්ත කැල්පිටිය දොලොස්භාගේ ප්‍රදේශයේ පදිංචි මත්ස්‍ය වෙළදාමේ යෙදුණු දෙදෙනෙකුට මෙලෙස කොවිඩ් 19 වෛසරය ආසාදනය වී ඇති බවයි සිත නිව්ස්24 වාර්තාකරු කියා සිටියේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ කාර්යාල සහයකයා ඉකුත් 16 දින නිවාඩු ලබා නිවසට එන අතුරතුර පැලියගොඩ මත්ස්‍ය වෙලදපොලින් මත්ස්‍යයින් ලබාගැනිමට ගොස් ඇති අතර, කොවිඩ් 19 වෛසරය ආසාදිතයින් අනෙක් රෝගීන් දෙදෙනා පැලියගොඩ මත්ස්‍ය වෙළඳ පොලින් මත්ස්‍යයින් මිලදිගෙන නාවලපිටිය, ගම්පොල සහ උලපනේ යන ප්‍රදේශවල වෙළඳාමේ යෙදුණු අය බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පවසනවා.

Your Comments