නායයාමේ රතු නිවේදන ඉවතට

13

දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර තිබූ නායයාමේ රතු නිවේදන ඉවත් කර ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මේ අතර දිවයිනට බලපා ඇති වැසි සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 2,35,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ.

මේ අතර, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ ශානිකා පියුමලී දිසානායක මහත්මිය සඳහන් කළේ දිවයිනේ නිරිතදිග කොටසේ පස්වරු කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

Your Comments