නව ප්‍රභේදය ගැන ජ’පුරෙන් හෙළිදරව්වක්. – ක්‍රියාවලිය අවිධිමත් බවට චෝදනා

5

මෙරටින් හඳුනා ගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදය, පෙර ප්‍රභේදයට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වන බව නවතම අධ්‍යනයකින් හෙළිව තිබෙනවා.
ඒ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළ පර්යේෂණයකින්.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජීව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ අචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ යුරෝපයේ හා ජපානය ඇතුළු රටවල් රැසකින් නව ප්‍රභේදය හඳුනා ගෙන ඇති බවයි.

හඳුනාගත් නව වෛරස් ප්‍රභේදය රට තුළ ව්‍යාප්ත වීම පාලනයට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළා.

ඇය සඳහන් කළේ, මෙරට මෙතෙක් පැවති වෛරස් ප්‍රභේදය ද වෙනස් වීමේ අවදානමක් ඇති බැවින් සෑම විටම ඒ පිළිබඳ සෞඛ්‍ය අංශ සහ විද්වතුන් අවධානයෙන් පසුවන බවයි.

Your Comments