දේශීය වෛද්‍යවරයෙකු ඇතුළු පිරිසකට පහර දුන් 6 ක් අත්අඩංගුවට

20

දේශීය වෛද්‍යවරයෙකු ඇතුළු පිරිසකට දැරණියගල ප්‍රදේශයේදී පහර දුන් පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

හොරණ – කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයා සහ පිරිස පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීම සඳහා ගොස් තිබූ අතර ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව අදාළ පුද්ගලයාගේ පුතුන් දෙදෙනා ඇතුළු කිහිප දෙනෙකු එම පිරිසට පහර දී තිබුණා.

තුවාල ලැබූ වෛද්‍යවරයා ඇතුළු සිව් දෙනෙකු මේ වන විට අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 4කට ආසන්න මුදලක් ද අදාළ පුද්ගලයින් විසින් පැහැරගෙන ඇති බව සඳහන්.

මෙම වෛද්‍යවරයා ඇතුළු පිරිස ගමන් කළ මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයකට ද ඔවුන් හානි සිදු කර තිබෙනවා.

Your Comments