දේව මෙහෙයකට ගිය 12 දෙනෙකුත් කොවිඩ් ආසාදිත බව තහවුරු වෙයි

11

රද්දොළුගම ප්‍රදේශයේ දේවස්ථානයක පැවැති මෙහෙයකට සහභාගි වූ පිරිසකගෙන් පුද්ගලයන් 12 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.
පසුගිය 12 වනදා අදාළ පිරිසට සිදු කරන ලද PCR පරීක්ෂණවල ප්‍රතිඵලයන්ට අනුව ඔවුන් හඳුනාගෙන ගැනුණු බවයි රද්දොළුගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේ.

එලෙස කොවිඩ් 19 ආසාදිතයන් ලෙස හඳුනා ගැනුණු පුද්ගලයන්ගේ පවුල්වල අය මේ වන විට නිරෝධානයට ලක් කර ඇති බවද ඒ මහතා කියා සිටියා.

Your Comments