දුම්රිය වර්ජනය ඇරඹෙයි

16

දුම්රිය වෘත්තීය සමිති ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, වැඩ තහනමට ලක් කර ඇති වෘත්තිය සමිති ක්‍රියාකාරකයෙකු යළි සේවයේ පිහිටුවන ලෙස ප්‍රවාහන අමාත්‍යංශයේ බලධාරින් විසින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට බලපෑම් කළ බව කියන සිද්ධියට විරෝධය පළ කරමින්.

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් වෘත්තිය සමිති 75කට අධික සංඛ්‍යාවක් මෙම අඛණ්ඩ වැඩ වර්ජනයට එක්ව ඇති බව සදහන්.

තමන්ට බලපෑම් සිදු වන බව පවසමින් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සිය තනතුරින් ඉල්ලා අස් වීමේ ලිපිය ද මේ වන විටත් භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වර්ජනය සම්බන්ධත්‍යන් අදහස් දැක් වූ ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නදීර මනෝජ් මහතා

Your Comments