දිවුලපිටිය, පෑලියගොඩ කොවිඩ් පොකුර 5,398 දක්වා ඉහළට

8

දිවුලපිටිය, පෑලියගොඩ කොවිඩ් පොකුර 5,398 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ කොරෝනා ආසාධිත පුද්ගලයින් 457 දෙනෙකු ඊයේ හදුනා ගැනීමත් සමගයි.

දිවුලපිටිය, පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් 1, 041 දෙනෙකු ඇගළුම් කම්හල් සේවකයින්.

අනෙක් පුද්ගලයින් 4, 357 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 8, 870 ක් ලෙසයි.

ඒ අතරින් 4, 808 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

කොරෝනා ආසාධිත බවට සැක සහිත පුද්ගලයින් 445 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 73 දෙනෙකු අද ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යාමට නියමිතයි.

ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 58, 396 ක්.

මධ්‍යස්ථාන 75 ක පුද්ගලයින් 7, 530 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවයි යුධ හමුදාව සඳහන් කළේ.

පුද්ගලයින් 110 දෙනෙකු සුවය ලබා ඊයේ රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඔවුන් සියලු දෙනා මිනුවන්ගොඩ ඇගළුම් පොකුරට අයත්.

මෙරටදී සිදුකළ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව හාර ලක්ෂ 69, 258 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයේ දී පමණක් පීසීආර් පරීක්ෂණ දහ දහස් හත්සිය හතළිහක් සිදුකිරීමටයි පියවර ගැනුණේ.

නිශ්චිත කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් පීසිආර් පරීක්ෂණ ක්‍රියාත්මක කෙරෙන බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කළා.

Your Comments