දිවයින වටා ධීවර හා නාවුක කටයුතු වලින් වලකින්නැයි උපදෙස් – නැගෙනහිර පාසල් සතියක් වැසෙයි

19

නැගෙනහිර පළාතේ සියළු පාසල් ලබන සිකුරාදා  දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා.

පළාත් ආණ්ඩුකාර  අනුරාධා යහම්පත් මහත්මිය සදහන් කලේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළි කුණාටු තත්වයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ රතු නිවේදනයට අනුව එම තීරණය ගත් බවයි.

අයහපත් කාළගුණය හේතුවෙන් ඇති විය හැකි ආපදාවන් අවම කර ගැනිම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ද ඇය පළාත් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

Your Comments