දියතලාව ඔසුහලේ සේවයෙකුටත්  කොරෝනා
පාලිත ආරියවංශ - බදුල්ල

13

දියතලාව ඔසුහලේ සේවයකයෙකුට කොවිඩි 19 ආසාදනය වී ඇති බව  සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී අනාවරණයවීමත්  සමග  එම ඔසුහලේ කාර්ය මණ්ඩලය අද(25) දිනයේ පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කරන බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකිර්ණයේදි  කොවිඩ් 19 ආසාදනයට ලක්වූ දියතලාවේ මත්ස්‍ය වෙළඳ සැලේ පුද්ගලයන් දෙදෙනා  පිළිබඳ විමර්ශනයන් සිදුකිරීමේදී  එම එක් ආසාදිතයෙකුගේ දියතලාව ඔසුහලේ සේවය කරන  පුත්‍රයා මෙලෙස ආසාදනයට ලක්වූවෙක් බවට හඳුනා ගැනුණු බවයි සෞඛ්‍ය අංශයන් පවසන්නේ.

කෙසේ වෙතත් මේ වන විට දියතලාව ඔසුහල වසා දමා ඇති බවයි සිත නිව්ස්24 වාර්තාකරු කියා සිටියේ.

Your Comments