දඩ ගැසීම සඳුදාට කල් යයි

24

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිත ප්‍රධාන මාර්ග 4ක මංතීරු නීතිය දඩ මුදලක් හෝ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමකින් තොරව ඉදිරි දින දෙකේදී ද ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

පොලිස් තොරතුරු තාක්ෂණ හා මාධ්‍ය කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ පැහැදිලි කළා.

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන ආරම්භ කෙරුණේ පසුගිය සඳුඳායි.

එය අද දක්වා නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරුණා.

කෙසේ වෙතත් එකම මං තිරුවේ ත්‍රීරෝද රථ හා යතුරුපැදි ධාවනයට කරවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් බස් සංගම් විරෝධය දක්වා සිටිනවා.

පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ මාර්ග තදබදය අවම කිරීමට ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ රජයට ලබා දී ඇති බවයි.

Your Comments