තෙල් කාන්දුවක් නැතත් නෞකාවේ බඳට හානි

15

කුඩා රාවණා ප්‍රදීපාගාරය අසල ගල් පරයක ගැටී අනතුරට ලක්වූ එම්.වී.යුරෝසන් නෞකාව නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා යානා යොදවා තිබෙනවා.

අබුඩාබි සිට ත්‍රිකුණාමලයට සිමෙන්ති අමුද්‍රව්‍ය රැගෙන එමින් තිබියදීයි එම නෞකව අනතුරට ලක්වුණේ.

නාවික හමුදාව සතු නෞකා සහ යාත්‍රා කිමිදුම් කණ්ඩායම් ඊයේ රාත්‍රියේ දී එම මුහුදු ප්‍රදේශය වෙත යොමු කිරීමට කටයුතු කළ බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළා.

නාවික හමුදා මූලස්ථානයේ පිහිටි සමුද්‍රිය ගළවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මගින් මෙහෙයුම් කටයුතු අධීක්ෂණය කරමින් සිටින බව සඳහන්.

අනතුර සිදුවන අවස්ථාවේදී නෞකාවේ අමුද්‍රව්‍ය මෙටි්‍රක් ටොන් 33,000 කට අධික ප්‍රමාණයක් සහ ඩීසල් මෙටි්‍රක් ටොන් 720 ක ප්‍රමාණයක් ගබඩා කර තිබුණා.

නෞකාවට සිදුව ඇති හානිය සහ ඉන්ධන කාන්දුවක් සිදුව ඇත් ද යන්න පිළිබඳ නාවුක හමුදා කිමිදුම්කරුවන් අද උදෑසන විමර්ශන ආරම්භ කළා.

එහිදී අනාවරණ වී ඇත්තේ නෞකාවේ බඳ කොටසට හානි සිදුව ඇති බවයි.

Your Comments