තවත් 67 දෙනෙක් සුවය ලබයි

8

කොරෝනා ආසාදිතව රෝහල්ගතව සිටි තවත් රෝගීන් 67 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඔවුන් දිවයිනේ රෝහල් හයකින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව කාත්තන්කුඩි රෝහලෙන් රෝගීන් 25 දෙනෙක්ද හෝමාගම රෝහලෙන් රෝගීන් 19 දෙනෙක්ද ජාතික බෝවන රෝග විද්‍යාතනයෙන් රෝගීන් 12 දෙනෙක්ද සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

මේ අතර තෙල්දෙණිය මූලික රෝහලෙන් රෝගීන් 8 දෙනෙක්ද වැලිකන්ද මූලික රෝහලෙන් රෝගීන් දෙදෙනෙක්ද ගල්ගමුව මූලික රෝහලෙන් එක් රෝගියෙක්ද සුවය ලබා පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

ඒ අනුව කොරෝනා වෛරසය ආසාදිතව මෙරට සුවය ලැබූවන්ගේ සමස්ත සංඛ්‍යාව 4142ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිත සමස්ත සංඛ්‍යාව 9205ක් වන අතර ඉන් 5044 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ අතර අද(29) උදෑසන 10 පමණ වන විට රෝහල් ගත කර ඇති කොරෝනා රෝගීන් ලෙස සැකසහිත රෝගීන් සංඛ්‍යාව 435ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

දැනට රෝහල්ගතව සිටින විදේශික ආසාදිතයන් 12 දෙනෙකුද ඇතුළත්ව සමස්ත ආසාදිතයන් 5044 දෙනා දිවයිනේ රෝහල් 38ක ප්‍රතිකාර ලබමින් සිටිනවා.

Your Comments