තවත් 657 දෙනෙකු සුවය ලබයි

9

මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 657 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 9537 දක්වා ඉහළ යනු ඇති.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 51 ක ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 4712 ක්.

ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් ආසාධිතයන් 356 දෙනෙකු වාර්තා වුණා.

ඒ අතර මස්කෙළිය ගාඞ්මෝර් තේ වතුයායේ, අවුරුදු 12 ක දැරියක් ද වනවා.

දැරියගේ පියා ද මීට පෙර කොරෝනා රෝගියෙකු බවටයි හදුනා ගෙන තිබුණේ.

මස්කෙළිය ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයන් කොරෝනා රෝගීන් 16 ක් වාර්තා වී ඇති බව එම කාර්යාලය සදහන් කළා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 14 දහස් 285 ක්.

මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඞ් පොකුර පවතින්නේ 10803 ක් ලෙසයි.

මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 493 ක්.

Your Comments