තවත් 5 ,900කට එන්නත්

8

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 271 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 91 දහස් 289 දක්වා ඉහල ගියා.

දෙදහස් 854 දෙනෙකු තවදුරත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සැක සහිත රෝගීන් ගණන 410ක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ.

87 දහස් 881 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කලේ ඊයේ දිනය තුල පුද්ගලයන් 5 දහස් 972කුට කොවිඩ් මර්ධන එන්නත් ලබා දී ඇති බවයි.

එන්නත්කරණයට ලක්ව ඇති සමස්ත සංඛ්‍යාව 8 ලක්ෂ 44 දහස් 327ක්.

පස්සර, නිරිඇල්ල සහ මහනුවර ප්‍රදේශයෙන් මරණ 3ක් වාර්තාවීමත් සමග කොවිඩ් මරණ ගණන 557ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය නිවේදනය කලේ.

Your Comments