තවත් 467ක් නිරෝධායනය අවසන් කරයි

6

පුද්ගලයින් 467 දෙනෙකු අද දිනයේ ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත්ව යන බව කොවිඞ් 19 පැතිරීම වැළකීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්තානය නිවේදනය කළා.

වැඩිම පිරිසක් පිටව යන්නේ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන්.

එම සංඛ්‍යාව 222ක්.

අද වන විට පුද්ගලයින් 45, 175 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර තිබෙනවා.

කෙසේ වෙතත් පුද්ගලයින් 7, 233 දෙනෙකු තවදුරටත් ත්‍රිවිධ හමුදා මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටින බවයි කොවිඞ් 19 පැතිරීම වැළකීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්තානය සඳහන් කළේ.

Your Comments