තවත් 368ක් සුවය ලබයි – සුවය ලැබූවන්ගේ සමස්ත සංඛ්‍යාව 13,000 ඉක්මවයි

8

කොරෝනා වෛරස ආසාදිතව රෝහල්ගතව සිටි රෝගීන් තවත් 368 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 13,271ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 18,841ක් වන අතර ඉන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5,497ක්.

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් පුද්ගලයන් 73 දෙනෙක් මරණයට පත් ඇති අතර අද උදෑසන 10 පමණ වන විට රෝහල් ගත කර ඇති කොරෝනා රෝගින් ලෙස සැක සහිත රෝගීන් සංඛ්‍යාව 462ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

Your Comments