තවත් 319ක් සුවය ලබයි

11

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව සිටි තවත් රෝගීණ් 319 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ ඒ අනුව මෙරට සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 13,590ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එසේම පුද්ගලයන් 5,616 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 74ක්.

එසේම පුද්ගලයන් 480 දෙනෙක් පමණ කොරෝනා රෝගීන් ලෙස සැකසහිත රෝගීන් ලෙසට රෝහල්ගත කර ඇති බවද වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

මේ වන විට මෙරට සිදු කර ඇති සමස්ත පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 724,864ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

Your Comments