තවත් 30 දහසකට කොවිඩ් මර්ධන එන්නත.

7

නව ආසාදිතයින් 517 දෙනෙකු සහ කොරෝනා ආසාදිත මරණ 3ක් වාර්තා වුනා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 78 දහස් 937 දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 433 ක්.

මාතලේ, කලගෙඩිහේන සහ නුගේගොඩ ප්‍රදේශවලින් මරණ වාර්තා වී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ 72 දහස් 566 දෙනෙකු සුවය ලබා ඇති බවයි.

පුද්ගලයන් 30 දහස් 307 දෙනෙකුට ඊයේ දිනයේදී කොවිඩ් මර්ධන එන්නත ලබාදී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා කොවිෂීල්ඩ් එන්නත ලබා දී ඇති සමස්ත පුද්ගලයන් ගණන දෙ ලක්ෂ 63 දහස් 779 ක්.

 

Your Comments