තවත් 231 දෙනෙකු දිවයිනට

8

විදේශයන්හි සිට තවත් පුද්ගලයින් 231 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා.

 

කටාර් සිට පුද්ගලයින් 30 දෙනෙකු සහ සයිප්‍රස් සිට පුද්ගලයින් 201 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.

මේ අතර විදේශයන්හී සිට තවත් පුද්ගලයින් 375 දෙනෙකු අද දිනය තුල දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අතරින් 192 දෙනෙකු පැමිණෙන්නේ යුක්රේනයේ සිටයි.

ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 76 ක් තුල පුද්ගලයින් 4,912 දෙනෙකු මේවනවිට නිරෝධායනය වෙමින් සිටින බවයි කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.

 

Your Comments