තවත් නව ආසාදිතයන් 233ක් – 377 දෙනෙක් සුවය ලබයි

10

කොරෝනා වෛරසය ආසාදිත තවත් පුද්ගලයන් 233 දෙනෙක් තහවුරු කරගෙන තිබෙනවා.
ඔවුන් සියලු දෙනාම පෙර ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.
ඒ අනුව අද දිනයේ මේ වන තෙක් තහවුරු කර ගැනුණු ආසාදිතයන් 233 දෙනාද සමගින් කොරෝනා වෛරස ආසාදිත සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 18,308ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ආසාදිතයන් 5,655 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මේ අතර කොරෝනා ආසාදිතව රෝහල්ගත කර සිටි ආසාදිතයන් අතරින් තවත් 377 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූවන්ගේ සමස්ත සංඛ්‍යාව 12,587ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම තවත් පුද්ගලයන් 489 දෙනෙක් කොරෝනා රෝගීන් බවට සැකය මත රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

 

Your Comments