තවත් කොවිඩ් මරණ 4ක් සමගින් සමස්ත මරණ සංඛ්‍යාව 73 දක්වා ඉහළට

21

කොරෝනා වෛරස ආසාදිත තවත් සිව්දෙනෙක් මරණයට පත්ව තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 73ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් මෙලෙස මරණයට පත්ව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලෙයන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වන්නේ කොවිඩ් 19 ආසාදනය සමග ඇති වූ නියුමෝනියා තත්ත්වයයි.

කළුතර, හල්තොට ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද නිවසේදීම මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

කොවිඩ් 19 ආසාදනය නිසා ඇති වූ පපුවේ ආසාදනයක් මරණයට හේතුව ලෙස දැක්වෙනවා.

වයස අවුරුදු 27ක් පමණ වූ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද කොළඹ ජාතික රෝහලේදී කොවිඩ් 19 ආසාදිතයකු ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව මුල්ලේරියාව මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් එහිදී මියගොස් ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය වීම නිසා උත්සන්න වූ අක්මා රෝගී තත්ත්වයක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර කළුතර, පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවක්ද කොවිඩ් 19 ආසාදිතව මියගොස් තිබෙනවා.
තම නිවසේදී ඇය මියගොස් ඇති බවත් මරණයට හේතුව කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් පපුවේ ඇති වූ ආසාදිත තත්ත්වයක් සහ අධික රුධිර පීඩනය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

 

Your Comments