තවත් කොරෝනා මරණ 7 ක්

6

තවත් කොරෝනා මරණ 07ක් ඊයේ වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 397 දක්වා ඉහළ ගියා.

එමෙන්ම, ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 802 දෙනෙකු මෙරටින් වාර්තා වීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද 75,654 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

එමෙන්ම පසුගිය ජනවාරි මස 29 වන දින සිට ඊයේ දිනය දක්වා පුද්ගලයින් එක්ලක්ෂ 89 දහස් 349 දෙනෙකුට කොරෝනා වෛරසයට එරෙහි එන්නත් ලබාදී තිබෙනවා.

 

Your Comments