තවත් කොරෝනා මරණ 10 ක්

11

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 445 දක්වා ඉහළ ගියා.

ඒ, කොළොන්නාව, වැල්ලවත්ත, කලුතර, වස්කඩුව, බිබිල, ගුරුතලාව, පිටකෝට්ටේ, කුඩාගල්ගමුව, රත්මලාන සහ හැටන් ප්‍රදේශවලින් මරණ 10 ක් වාර්තා වීමත් සමගයි.

ඉන් 07 දෙනෙකුම පිරිමි පුද්ගලයින් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ.

නව ආසාධිතයන් 519 දෙනෙකු වාර්තාවීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 79 ,999 ක් ලෙසයි.

ආසාදිතයින් 74 , 299 දෙනෙකු සුවය ලබා ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් සංඛ්‍යාව 5, 265 ක්.
මේ අතර තවත් 35 ,912 දෙනෙකුට ඊයේ දිනය තුළ කොවිඩ් එන්නත ලබා දී තිබුණා.

ඒ අනුව මේ දක්වා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව තුන් ලක්ෂ 38 , 769 ක්.

Your Comments