තවත් කොරෝනා ආසාදිතයින් 425 දෙනෙකු සුවය ලබා පිටව යයි

9

තවත් කොරෝනා ආසාදිතයින් 425 දෙනෙකු අද සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 45 දහස් 171 ක්.

ආසාදිතයින් 52 දහස් 313 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 6 දහස් 886 දෙනෙකු ප්‍රතිකාර ලබනවා.

සැක සහිත රෝගීන් 757 දෙනෙකු වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවන බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 256 ක්.

Your Comments