තවත් කොරෝනා ආසාදිතයින් 244 ක්

3

තවත් කොරෝනා ආසාදිතයින් 244 දෙනෙකු ඊයේ දින මෙරටින් වාර්තා වීමත් සමග සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 92 දහස් 706 දක්වා ඉහළ ගියා.

එමෙන්ම ගත වූ දිනයේ පුද්ගලයින් 161 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව දැක්වුණේ 89 දහස් 251 ක් ලෙසයි.

තවදුරටත් පුද්ගලයින් 2, 625 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මේ අතර ඊයේ දින වාර්තා වූ නව මරණ දෙකත් සමග කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය ආසාදිතයින් සංඛ්‍යාව 568 දක්වා ඉහළ ගියා.

මෙලෙස මිය ගොස් තිබුණේ වත්තල ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි කාන්තාවක් සහ මඩකළපුව එරාවූර් ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි කාන්තාවක්.

Your Comments