තවත් එන්නත් තොගයක් දින 7කින් දිවයිනට

8

එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් තවත් දින 7ක් තුළ මෙරටට ලැබීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කලා.

හෙතෙම කියා සිටියේ ඉදිරි සති කිහිපයේදී මෙරට මිලියන 9ක ජනතාවට එන්නත් ලබාදීම සඳහා සැලසුම් කර ඇති බවයි.

තව දුරටත් අදහස් දැක්වු යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා.

 

හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එන්නත්කරණය සදහා වු ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් එම ක්‍රියාවලිය නිරන්තරයෙන් අධීක්ෂණය කරන බවයි.

මේ අතර තවත් කොරෝනා මරණ 07ක් ගත වු පැය 24 තුළ වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 397 දක්වා ඉහළ ගියා.

එමෙන්ම,එම කාල සීමාව තුළ දී තවත් කොරෝනා ආසාදිතයින් 802 දෙනෙකු මෙරටින් වාර්තා වීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද 75 දහස් 654 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

 

Your Comments