තවත් ආසාදිතයින් 843 ක්

7

තවත් කොරෝනා මරණ 3 ක් ගත වූ පැය 24 තුළ වාර්තාවීමත් සමග මෙරට සමස්ත මරණ ගණන 283 දක්වා ඉහළ ගියා.

මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ 14, මරදාන සහ පූජාපිටිය යන ප්‍රදේශවල පදිංචිව සිටි 77, 84 සහ 65 හැවිරිදි කාන්තාවන් තිදෙනෙක්.

නව ආසාදිතයන් 843 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 58 දහස් 430 ක් ලෙසයි.
ආසාදිතයින් 49 දහස් 684 සුවය ලැබා ඇති අතර රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් සංඛ්‍යාව 8, 466 ක්.

Your Comments