තවත් ආසාදිතයින් 5කට සුවය

11

කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 3385ක් දක්වා ඉහළට ගොස් තිබෙනවා.

ඒ, තවත් ආසාදිතයින් 05 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමඟයි.

රෝහල් 16 ක ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 1 907ක්.

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1 850 දක්වා ඉහළ ගියේ අද තවත් ආසාදිතයන් 61 දෙනෙකු හදුනා ගැනීම හේතුවෙන්.

ඉන් 58 දෙනෙකු මිනුවන්ගොඩ ඇගලුම් සේවකයන්ගේ ආශ්‍රීතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මෙරටින් වාර්තාවන සමස්ත ආසාධිතයන් ගණන 5305 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සැක සහිත රෝගීන් ගණන 316 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

Your Comments