තවත් ආසාදිතයින් 211ක් – සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9,081 දක්වා ඉහළට

24

මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 9,000 ඉක්මවා තිබෙනවා.

ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයින් 211 දෙනෙක් තහවුරු කර ගැනීමත් සමගින්.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 9,081ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් මේ වන විට ආසාදිතයින් 4,987 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ආසාදිතයින් 4,075 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

අද පස්වරුවේ තහවුරු කර ගැනුණු රෝගීන් 211 දෙනා අතරින් රෝගීන් 202 දෙදෙනෙකු පෙර රෝගීන්ගේ ආශ්‍රීතයන් බවත් සෙසු 9 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 5607ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

 

Your Comments