තවත් ආසාදිතයන් 774 දෙනෙකු සුවය ලබයි

5

මෙරට කොරෝනා ආසාධිතයන් අතුරින් තවත් 774 දෙනෙකු අද සුවය ලබා පිටව ගියා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 46,594 දක්වා ඉහළ යනු ඇති.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 6,886 ක්.

ගතවූ පැය 24 තුළ මෙරටින් ආසාධිතයන් 674 දෙනෙකු වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයින් ගණන සටහන් වුයේ 53,750 ක් ලෙසයි.

දැනට මෙරටින් කොරෝනා මරණ 270 ක් වාර්තා වී තිබෙනවා.

Your Comments