තවත් ආසාදිතයන් 558 දෙනෙක් සුවය ලබයි

7

කොරෝනා වෛරස ආසාදිතව රෝහල්ගත කර සිටින රෝගීන්ගෙන් තවත් රෝගීන් 558 දෙනෙක් පසුගිය පැය 24ක කාලය තුළ රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා වෛරස ආසාදිතව සුවය ලැබූවන්ගේ සමස්ත සංඛ්‍යාව 17,560ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

දිවයිනේ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 31කින් එම රෝගීන පිටව ගොස් ඇති අතර වැඩිම රෝගීන් පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ අම්පාර පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙනි.

එම සංඛ්‍යාව 81ක්. මේ අතර ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් රෝගීන් 51 දෙනෙක්ද පුනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් රෝගීන් 53 දෙනෙක්ද සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 23,484ක් වන අතර ඉන් ආසාදිතයන් 17,560 දෙනෙක් සුවය ලබා තිබෙනවා.

ආසාදිතයන් 5,808 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 116ක් වනවා.

අද(30) පෙරවරු 10 පමණ වන විට රෝහල් ගත කර ඇති කොරේානා රෝගීන් ලෙස සැක සහිත රෝගීන් සංඛ්‍යාව 545ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

 

Your Comments